![Decreto Flussi 2022 සඳහා අයැදුම් කිරීමට ඉතාලියේ පිහිටි අනුග්‍රාහක ආයතණය පිළියෙළ කර ගත යුතු ලියකියවිලි](http://www.italliance.it/uploads/news-48f.jpg)
Decreto Flussi 2022 සඳහා අයැදුම් කිරීමට ඉතාලියේ පිහිටි අනුග්‍රාහක ආයතණය පිළියෙළ කර ගත යුතු ලියකියවිලි
Priyashan F.do 11-01-2022තමන් යටතේ වැඩ කිරීම සදහා සේවකයින් ගෙන්වා ගැනීමේදී ආයතන හිමිකරුවන් පිළියෙළ කර ගත යුතු ලියකියවිලි ලැයිස්තුවක් පහතින් දක්වා ඇත
1. යුරෝ 16 ක මුද්දරය (Marca da bollo da 16 Euro)
මෙම මුද්දරයේ සදහන්කේ කේත අංකය online පෝරමයට ඇතුළත් කළ යුතුය.
2. ගමන් බලපත්රය (Valid Passport)
විදේශයේ සිට පැමිණීමට නියමිත සේවකයාගේ වලංගු ගමන් බලපත්රය
3. විදේශයේ සිට පැමිණීමට නියමිත සේවකයාගේ ඉතාලියේ ලිපිනය
විදේශ ශ්‍රමිකයා ඉතාලියේ නැවතී සිටින තැන.
4. නිවාස සඳහා යෝග්‍යතාවය (Idoneità Alloggiativa)
Familiare අයැදුම් කිරීමේදී සිදුකරන ආකාරයටම මෙහිදී විදේශයේ සිට පැමිණෙන පුද්ගලයාට නැවතීමට සුදුසු ස්ථානයක් තිබෙන බව පෙන්වා දිය යුතු වේ.
5. සේවායෝජකයාගේ හැඳුනුම්පත
හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය වැනි අනන්‍යතාවය තහවුරු කිරීමට හැකි වෙනත් ලියවිල්ලක්.
6. සේවායෝජකයාගේ හඳුනාගැනීමේ දත්ත
දුරකථන අංකය, වැට් බදු අංකය, ලියාපදිංචි කාර්යාලයේ සහ සේවා ස්ථානයේ ලිපිනය, PEC ලිපිනය සහ ඊමේල් ලිපිනය.
7. නියම කළ යුතු රැකියා කොන්ත්රාත්තුවේ වර්ගය
CCNIL යොමු, මට්ටම සහ රැකියාව, සතිපතා කාලසටහන.
8. ආයතනයේ වත්මන් සේවකයින් සංඛ්යාව
වෙනත් සේවකයින් බඳවා ගැනීමට සේවායෝජකයාට ඇති හැකියාව තහවුරු කිරීම සඳහා.
9. වාණිජ මණ්ඩලය විසින් නිකුත් කරන ලියවිල්ල
ඉතාලි ව්‍යාපාර ලේඛනයේ ලියාපදිංචි එක් එක් සමාගමෙ වාණිජ මණ්ඩලය වෙත ගොනු කර ඇති සියලුම පුද්ගලික, නෛතික, මූල්‍ය සහ ආර්ථික තොරතුරු අඩංගු ලේඛනයකි. වාණිජ මණ්ඩලයේ කාර්යාලිය වෙබ් අඩවියේ ලියාපදිංචි වීම තුලින් මෙම ලියකියවිල්ල ලබාගැනීමට හැකිවේ .
10. Modello Unico
11. සමාගමේ 2020 වර්ෂය සඳහා ගිණුම් ශේෂය
12. DURC මෙය ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ සමාගම් සදහා අවශ්‍ය වේ.
මෙම අයදුම් කිරිමේ කටයුතු සදහා සහයෝගය අවශ්‍ය නම් අප සංවිධානය මගින් නිර්දේශ කර ඇති ආයතන සම්බන්ධ කරගන්න