ඔබේ විවාහ සහතිකයත් Leagalize නොවී Reject වුණා නම් අනිවාර්යයෙන් මෙම ලිපිය කියවන්න

ඔබේ විවාහ සහතිකයත් Leagalize නොවී Reject වුණා නම් අනිවාර්යයෙන් මෙම ලිපිය කියවන්න

Priyashan F.do 09-09-2021

ඉතාලියේ සිටින ඔබට ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව Familiare මගින් ඉතාලියට ගෙන්වා ගැනීම වැනි නොයෙක් කටයුතු වලදී ඔබට ඔබගේ විවාහ සහතික Legalize කර ගැනීමට සිදුවේ. මෙවන් අවස්ථා වල ඔබ Legalize කිරීමට භාර දෙන ලියකියවිලි Reject වීම නිසා ඔබගේ සහකරු හෝ සහකාරිය ඉතාලියට පැමිණීම විශාල ලෙස ප්‍රමාද විය හැක. Leagalize කිරීමේ ක්‍රියාවලිය සදහා ගතවන කාලය,  ඔබගේ ලියකියවිලි Reject වූ බව ඔබට දැන්වීමට ගත වන කාලය වැනි නොයෙකුත් කාරණා මත පදනම්ව මෙම ප්‍රමාද වීම් වලට ගත වන කාලය තීරණය වෙයි. මෙම කාලය අතරතුර ඔබ ඉතාලියෙන් ලබාගත් Nulla Osta ලියකියවිල්ල කල් ඉකුත් වුවොත්,  ඔබගේ සහකරුට හෝ සහකාරියට විසා ලබාගැනීමේ කටයුත්ත තවත් සිතාගත නොහැකි තරම් දීර්ග කාලයකින් ප්‍රමාද වනු ඇත. මක්නිසාදයත් මෙවන් අවස්ථාවක  Familiare සදහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය නැවත මුල සිටම සිදුකොට Nulla Osta  ලියකියවිල්ල නැවත අළුතෙන් ලබා ගැනීමට සිදුවන නිසාය. ඔබත් මේ ආකාරයේ අමිහිරි අත්දැකීමකට මුහුණ දුන් කෙනෙක් නම්, අපතේ යන විශාල මුදල් ප්‍රමාණය සහ නාස්ති වන කාලය ගැන ඔබට නිසැකවම අවබෝධයක් තිබිය යුතුය. 

ඉතින් මේ ආකාරයට Legalize කිරීමට භාර දුන් ඔබේ විවාහ සහතිකය Reject වීමට ප්‍රධාන හේතුවක් වන, එනමුත් VFS ආයතනයට භාරදීමට පෙර Documents වැඩ කටයුතු සිදුකරන බහුතරයක් ඒජන්සිකරුවන්ගේ ඇස නොගැටෙන නිසාම  ඔබ නිතරම අපහසුතාවයට පත්වන ප්‍රධාන හේතුවක්  පිලිබදව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි. ඒ විවාහ සහතිකයේ සදහන් වයස් අගයන් ඔබ ඉදිරිපත් කරන අනෙකුත් ලියකියවිලි වල දත්ත සමග නොගැලපිම යන කාරණාවයි. 

මෙහිදී ලංකාවේ රෙජිස්ටාර්වරුන් නොසැලකිලිමත් කමින් නිතර සිදු කරනු ලබන වැරදි කීපයක් ගැන අපි මෙසේ විමසා බලමු.  (මෙසේ නොසැලකිලිමත් කමින් ඔවුන් සිදුකරන වැරදි  ලියකියවිල්ලේ හිමිකරුගේ නොසැලකිලිමත් කමින් නිරීක්ශණය නොවී සිට බොහෝ විට නෙත ගැටෙන්නේ Legalization process එකෙන් Reject වන අවස්ථාවේ වීම ඉතාමත් කණගාටුවට කරුණකි.)

1) භාර්යාවගේ සහ ස්වාමිපුරුෂයාගේ වයස් නොසැලකිලිමත් කමින් මාරු කොට විවාහ සහතිකයේ සදහන් කිරීම.

2) වයස ආසන්න විශාල පුර්ණ සංක්‍යාවට වටයා විවාහ සහතිකයේ සදහන් කිරිම.

3) වයස නිසි ලෙස ගණනය කිරීමෙන් තොරව නොසැලකිලිමත් කමින් විවාහ සහතිකයේ සදහන් කිරිම.


විවාහ සහතිකයේ ස්වාමිපුරුෂයාගේ සහ භාර්යාවගේ වයස සදහන් කිරීමට වෙන වෙනම කොටු දෙකක් තිබේ. එම කොටු දෙකේ අදාළ පුද්ගලයාගේ උප්පැන්න සහතිකය සහ ගමන් බලපත්‍රය සමග නිවැරදිව ගැලපෙන පරිදි සදහන් කර තිබේ නම් කිසිම ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. වයස ගණනය කිරීමේදී ස්වාමි පුරුෂයා සහ භාර්යාවගේ වයස් විවාහ වූ දිනයට අනුව නිවැරදි විය යුතුය.

සැ.යු.: වයස ගණනය කල විට අවු 29යි මාස 11යි දින 30ක් වූ පුද්ගලයෙකු පවා විවාහ සහතිකයේ සදහන් කල යුත්තේ වය අවු. 29ක් ලෙසයි.  

සිදුවන සියලුම ප්‍රමාද දෝෂ සම්බන්ධයෙන් ඔබගේත්, ඔබගේ ලියකියවිලි සකස් කර දෙනු ලබන ආයතන වලත් වගකීමක් ඇති බැවින් ඔබගේ අවධානය ඉහත කරුණු පිලිබදව යොමු කරන්න. මක්නිසාදයත් VFS ආයතනයෙන් ඔබගේ ලියකියවිලි භාරගන්නා අවස්ථාවෙදී ඔවුන් මේ කිසිවක් පරික්ෂ කර නොබලන බැවිනි.

Italliance යනු ඉතාලිය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, පකිස්තානය, පිලිපිනය වැනි රටවල පිහිටි දෙශීය විදෙශීය ආයතන වලට ඉතාලියට සම්බන්ධ ලියකියවිලි කටයුතු නියාමනය සහ ඒ පිළිබද උපදෙස් සපයන අන්තර්ජාතික සංවිධානයකි. Italliance මගින් නිරේදේශ කරනු ලබන ආයතන වලින් ලියකියවිලි සේවා ලබාගෙන Italliance සංවිධානයේ අධීක්ෂණය යටතේ ඔබගේ අවශ්‍යතාවන් කලට වෙලාවට නිවැරදිව සිදු කරගන්න.





Share This News On Social Media

Facebook Comments

Related News