ලියකියවිලි වල තිබෙන ඉතාම සුළු වැරද්දක් පවා ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙදී ගැටළු මතු කරන බව ඔබ දන්නවාද?

ලියකියවිලි වල තිබෙන ඉතාම සුළු වැරද්දක් පවා ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙදී ගැටළු මතු කරන බව ඔබ දන්නවාද?

Priyashan F.do 02-07-2021

ශ්‍රී ලාංකාවේ ලියකියවිලි සම්බන්ධයෙන් ඇති අවිදිමත් ක්‍රමවේදය නිසාම ශ්‍රී ලාංකික පුද්ගලයින්ගෙන් 80% කට වඩා තමන්ගේ ලියකියවිලි වල මොනයම් හෝ වැරද්දක් සහිතව, ඒ   බව දැනගෙන හෝ නොදැනුවත්ව ජිවත් වන බව සංක්‍යලේකන වලින් තහවුරු වී ඇත.  මෙය ශ්‍රී ලංකාව තුලදී එතරම් ප්‍රශ්ණ ඇති නොකලත් ඔබ විදේශගත විමට යාමේදී හෝ ලංකාවේ සිටින ඔබගේ පවුලේ කෙනෙකු ඔබ සිටින රටට ගෙන්වා ගැනීමට යාමේදී අනන්‍යතාවය සම්බන්ධ ගැටළු රාශියක් මතු කරනු ඇත. 

යම් යම් වැරදි සහිත ලියකියවිලි වලින් විදේශගත වූ ශ්‍රමිකයින් විශාල ප්‍රමාණයක් මේ වන විටත් විදේශයන් හි ජිවත් වේ. නමුත් තමන් මේ වන විට ජිවත් වන විදේශ රටේ  යම් යම් කාරණා වලදී ශ්‍රී ලාංකිකයින්ගේ  ලියකියවිලි වල ආරම්භයේ සිට  පැවත ආ වැරදි නිසා විදේශ ආයතන වලට සහ විදෙස්ගත ශ්‍රමිකයින්ට බොහෝ ගැටළු වලට මුහුණ දීමට සිදුවේ. මේ කාරණා සැලකිල්ලට ගණිමින් ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ තානාපති කාර්යාල ලංකාවෙන් නිකුත් කරන ලියකියවිලි පිලිබදව දැඩි ක්‍රමවේදයක පිහිටා කටයුතු කිරීමට පටන්ගෙන ඇත. එබැවින් ඔබගේ ලියකියවිලි වල කුඩා හෝ වැරද්දක් තිබේ නම් විදෙස් කටයුතු වලට ප්‍රථමයෙන් ඔබගේ ලියකියවිලි වල තිබෙන වැරදි නිවැරදි කර ගැනීම සිදු කල යුතු කාරණාවකි. මෙවන් ලියකියවිලි සම්බන්ධ ගැටළු ඔබ ඕනෑම රටකට විදේශගත වීමට යාමේදී මතුවිය හැකි බව හොදින් අවබෝධ කරගන්න.

අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකිව යාම 

දැන් අපි ඉතාලිය සම්බන්ධ කාරණා කිහිපයක් සහ ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීම පිලිබදව විමසා බලමු.

1) Familiare / ෆැමිලි විසා මගින් ඔබගේ පවුලේ සාමාජිකයෙකුව ඉතාලියට ගෙන්වා ගැනීම.

මෙසේ Familiare විසා මගින් ඔබගේ පවුලේ සාමාජිකයෙකුව ඉතාලියට ගෙන්වා ගැනීම යන  කාරණාවේදී එසේ ගෙන්වා ගැනීමට යන පවුලේ සාමාජිකයා සහ ඉතාලියේ වෙසෙන පුද්ගලයාගේ නෑදෑකම තහවුරු කර ගැනීමට තිබෙන එක මාර්ගයක් වන්නේ මෙකී පුද්ගලයින් දෙදෙනාගේ ලියකියවිලි වල නිවැරදි ගැලපීමයි. එසේත් නැත්නම් එය ජීව විද්‍යාත්මකව  තහවුරු කල හැකි නෑදෑකමක් නම් DNA Test එකකින් පවා  තහවුරු කරගැනීමට සිදුවේ. නමුත් මෙවන් DNA Test එකක් සිදු කිරිමට  එම්බසියෙන් හෝ අදාල ආයතන වලින් විමසන්නේ ලියකියවිලි වලින් අනන්‍යතාවය තහවුරු වී ඇති නමුත් වදුරටත් අනන්‍යතාවය පිළිබඳ සැකයක් බලධාරීන්ට මතුවන අවස්තාවක පමණයි.

මෙම අනන්‍යතාවය තහවුරු කිරීමේ ක්‍රියාවලියේදී VFS, IOM, එම්බසිය ඇතුළු අදාළ ආයතන වලින් ප්‍රතමයෙන් සිදුකරන්නේ අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ලියකියවිලි ඒවා නිකුත් කරනු ලැබූ ආයතන සමග පරික්ෂා කර බලා ඒවා සත්‍ය ලියකියවිලිද යන්න තහවුරු කර ගැනීමයි. ඉතින් මෙවැනි අවස්ථා වලදී  ව්‍යාජ ලෙස සකසූ ලියකියවිලි ප්‍රතික්ෂේප වන අතර ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් එම අයදුම්කරුවන්ට නඩු පැවරීමටද අදාල ආයතන විසින්  කටයුතු කරයි. මෙහිදී ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ඉතාලි තානාපති කාර්යාලය  විසින් සිදු වූ  ලියකියවිලි වංචාව  සම්බන්ධයෙන්  ඉතාලි Qestura එකද දැනුවත් කරනු ලබන බැවින් ඉතාලියේ සිටින ඔබත් මේ පිලිබදව සැලකිලිමත් වීම  වැදගත් වේ.

ඉන්පසු ඉහත කී ආයතන සැලකිලිමත් වන කාරණය වන්නේ ඉදිරිපත් කල ලියකියවිලි එකිනෙක ගැලපේද යන වගයි. උදාහරණයකට ඉතාලියේ වෙසෙන පුරුෂයා තම භාර්යාව ඉතාලිට ගෙන්වා ගැනීමට යාමේදී සහතික කරගැනීමට ඉදිරිපත් කරන විවාහ සහතිකයේ සදහන්ව ඇති අයදුම්කරුගේ නම සහ අයදුම්කරුගේ ගමන් බලපත්‍රයේ සදහන් නම  අතර සුළු හෝ  පරස්පරතාවක්  ඇත්නම් එම ලියකියවිලි දෙක පුද්ගලයින් දෙදෙනෙකුගේද යන්න සැකයක් මතු කල හැකි කාරනාවකි. එම නිසා අනිවාර්යෙන්ම එවන් වැරදි ඇතොත් ඔබගේ ලියකියවිලි අනිවාර්යයෙන්ම සහතික කිරීමේ ක්‍රියාවලියේදී ප්‍රතික්ෂේප විමට ලක් වේ.  මෙය මානුෂිය වශයෙන් බලන කල සුළු වැරැද්දකට ප්‍රතික්ෂේප කළා කියා අපට හැගුනත් නෛතික වශයෙන් එය වරදකි. ලියකියවිලි දෙක අතරපරස්පරතාවයකි. එමනිසා අයදුම්කරුගේ ලියකියවිල්ල ප්‍රතික්ෂේප  වීමට ප්‍රබල හේතුවකි.


2) ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම් කිරීම.

ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම් කිරීමේදී අයදුම්කරු ලංකාවේ සිටි කාලය සදහා පොලිස් නිශ්කාෂණ වාර්තාවක් ලබා ගැනීමට අයදුම්කරුට සිදුවේ. උදාහරණයක් ලෙස ගතහොත් ශ්‍රී  ලංකා පොලිසියෙන්  ලබාගන්නා පොලිස් නිෂ්කාශණ වාර්තාවේ සදහන් අයදුම්කරුගේ උපන්දිනය සහ ගමන් බලපත්‍රයේ සදහන් උපන්දිනය අතර පරස්පරතාවයක් ඇති අවස්තාවක එම ලියකියවිලි දෙක අයිති වන්නේ පුද්ගලයන් දෙදෙනෙකුට යයි තර්ක කිරීමට යමෙකුට නෛතිකව අවස්ථාවක් හිමිවේ. එසේනම් එම ලියකියවිලි දෙකෙන් වැරැද්ද සහිත ලියකියවිල්ල නිවැරදි කිරීමට අයදුම්කරුට සිදුවේ. නොඑසේ නම් අනිවාර්යයෙන්ම ඔබගේ ලියකියවිලි සහතික කිරීමේ ක්‍රියාවලියෙන් ප්‍රතික්ෂේප විමට එය නෛතිකව  ප්‍රමාණවත් හේතුවක් බවට පත්වේ. 


මෙකි කරුණු සැලකිල්ලට ගෙන ඔබගේ ලියකියවිලි වල තිබෙන වැරදි 100% නිවැරදි කර  පිළිවෙලට අවශ්‍ය ලියකියවිලි ගොනු සකසා ඒවා භාරදීම තුලින් අනවශ්‍ය ලෙස කාලය ගතවිමකින්  තොරව ඔබගේ ලියකියවිලි වල වැඩකටයුතු නිසි කලට වෙලාවට සිදුකර ගැනීමට හැකිවනු ඇත.

ඉතාලිය සම්බන්ධ ලියකියවිලි කටයුතුවලදී ඉන්දියාව බංග්ලාදේශය පකිස්තානය පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන රටවල පිහිටි ආයතන සමග සෘජුවම වැඩ කරන සහ උපදෙස් සපයන සංවිධානයක් වන Italliance මගින් නිර්දේශ කරන ආයතන වලින් සේවය ලබාගැනීම තුලින් ඔබගේ ලියකියවිලි වල වැඩකටයුතු නිවැරදිව අනවශ්‍ය කල් ගතවීම්  වලින් තොරව සිදුකරගන්න.

Share This News On Social Media

Facebook Comments

Related News