ඉතාලි පුරවැසිභාවය හිමි ඔබ A.I.R.E හි ලියාපදිංචි විය යුත්තේ කුමණ අවස්ථාවන් වලදීද?

ඉතාලි පුරවැසිභාවය හිමි ඔබ A.I.R.E හි ලියාපදිංචි විය යුත්තේ කුමණ අවස්ථාවන් වලදීද?

sripathi sooriyakoon 13-12-2021

A.I.R.E නැත්නම් Anagrafe Italiani residenti all'estero යනු  ඉතාලි පුරවැසිභාවය දරමින් ඉතාලියෙන් පිට  දීර්ග කාලීනව ජිවත් වන අයගේ නම් සහ විස්තර ඇතුලත් ලේකණයකි. ඔබ A.I.R.E හි ලියාපදිංචි වූ විට එම විස්තර ඉතාලියේ ඔබ ජිවත් වූ ප්‍රදේශයට අදාළ Commune සහ ඔබ ජිවත් වන වර්තමාණ රටේ තානාපති කාර්යාලය සතු ජන්ද නාමලේකනයට ඇතුල් කරනු ලබයි. ඉතාලි රජයෙන් දියත් කෙරෙන මෙම ක්‍රියාදාමයේ ප්‍රදාන අරමුණ වන්නේ ඉතාලියෙන් පිටත ජිවත් වන ඉතාලි ජාතිකයින්ගේ පුරවැසි අයිතීන් සුරැකීමේ ලා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමයි.

ඔබ කුමණ රටක ජිවත් වුවත් ඔබගේ වර්තමාණ පදිංචිය ඔබ ජිවත් වන රටේ ඉතාලි තානාපති කාර්යාලය මගින් A.I.R.E ලේකණයේ යාවත්කාලින කිරීම තුලින් ඔබට හිමිවන ප්‍රතිලාභ කිහිපයක් මෙසේ දක්වමු.

  • ඉතාලි තානාපති කාර්යාලයෙන් සිදු කෙරෙන කොන්සියුලර් කටයුතු හා සම්බන්ධ වූ ප්‍රතිලාභ.
  • ඔබ ජිවත්වන ප්‍රදේශයේ පවතින ඉතාලි කොන්සියුලර් සේවාව හරහා ඉතාලියේ ඔබ ජීවත්වූ ප්‍රදේශයේ Commune හරහා ඔබට අවශ්‍ය සහතික පත් ඔබේ අනන්‍යතාවය තහවුරු කරන ලියකියවිලි වැනි දේ ලබා ගැනීමේ හැකියාව.
  • ඉතාලි පුරවැසියෙක් ලෙස ඔබගේ ජන්ද අයිතිය නොකඩවා පවත්වාගෙන යාම.

ඔබගේ පදිංචිය වෙනස් කිරීමෙන් දින 90ක් ඇතුලත ඔබ ජිවත් වන රටේ පිහිටා ඇති ඉතාලි තානාපති කාර්යාලයට ප්‍රකාශයක් ලබදීම මගින් මෙම A.I.R.E  සදහා ලියාපදිංචි වීම සිදුකර ගත හැකි අතර එමගින් ඔබ ඉතාලියේ ජිවත් වූ අදාළ නගර සභාවේ ජන සංක්‍යා ලේකන වාර්තා වලින් ඔබගේ දත්ත ඉවත් කරනු ලබයි. සැ.යු. ඔබට එකවර ස්ථාන දෙකක ඔබගේ පදිංචිය පවත්වාගෙන යා නොහැක. එසේ පවත්වාගෙන යාම නිත්‍යානුකුල නොවන ක්‍රියාවකි.


A.I.R.E  සදහා ලියාපදිංචි වීමට කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන අතර අයදුම් කිරීමට හැකි ෆෝරමය ඔබ ජිවත්වන රටට අදාළ ඉතාලි තානාපති කාර්යාලයේ වෙබ් ලබාගන්න. සම්පුර්ණ කරන ලද එම ෆෝරමය සමග ඔබගේ වර්තමාණ පදිංචිය සනාථ කල හැකි ඔබ ජිවත්ය වන රටේ පිළිගත් ආයතනයකින් නිකුත් කල යම්  ලියකියවිල්ලක් ඉතාලි තානාපති කාර්යාලයට ඉදිරිපත් කල යුතුය. උදා: අදාල රටෙන් නිකුත් කරන ලද ඔබගේ ලියාපදිංචිය සනාථ කරන සහතිකයක් (Residence certificate), ඔබ ජිවත් වන රටේ හැදුණුම්පත, විදුලි බිල්පතක්, රැකියා කොන්ත්‍රාත්තුවක්.

A.I.R.E  සදහා ලියාපදිංචිය අනිවාර්ය වන පහත සදහන් අවස්ථා පිලිබදව ඔබේ අවධාණය යොමු කරන්න.

  • ඉතාලි පුරවැසිභාවය හිමි ඔබ වසරකට වැඩි කාලයක් ඉතාලියෙන් පිටත ජිවත් වන අවස්ථාවක.
  • ඉතාලි ජාතිකයෙකු ඉතාලියෙන් පිටත ඉපදී ඔවුන්ගේ ඉතාලි උප්පැන්න සහතික, ඉතාලි තානාපති කාර්යාලය හරහා ලියාපදිංචි කල අවස්ථාවල.
  • යම් පුද්ගලයෙකු ඉතාලියෙන් පිටතදී ඉතාලි පුරවැසිභාවය ලබාගෙන එම රටේම තවදුරටත් ජිවත් වන අවස්ථාවක.
  • යම් පුද්ගලයෙකුගේ ඉතාලි පුරවැසිභාවය ඔහු ඉතාලියෙන් පිටත සිටින අවස්ථාවක උසාවියක් මගින් තීන්දු කල විට.

පහත සදහන් කරුණු වලට ඔබ අයත් වන්නේ නම් ඔබ A.I.R.E සදහා ලියාපදිංචි විය යුතු නැත. 

  • වසරකට අඩු කාලයක් ඉතාලියෙන් පිටත ජිවත් වන විට. 
  • සෘතුමය කම්කරුවන්. 
  • රාජ්‍ය තාන්ත්‍රික සහ කොන්සියුලර් සබදතා පිළිබද 1961 සහ 1963 වියනා සම්මුතීන් යටතේ විදේශ සේවයේ යෙදී සිටින රාජ්‍ය සේවකයින්ට.
  • NATO කාර්යාල වල සේවය කරන හමුදා නිලධාරින්. 

ඔබත් ඉතාලි පුරවසිභාවය හිමි  ඉහත කරුණු ආදාළ වන අයෙකු නම් වහාම ක්‍රියාත්මක වී  නිසි ක්‍රියාමාර්ග ගෙන අනවශ්‍ය නිතිමය ගැටළු ඇතිවීම වලක්වා ගන්න.

Share This News On Social Media

Facebook Comments

Related News