බාළ වයස්කරුවන්ට ගමන් බලපත්‍රයක් අයදුම් කිරීමේදී අවශ්‍ය වන atto di assenso යනු කුමක්ද?

බාළ වයස්කරුවන්ට ගමන් බලපත්‍රයක් අයදුම් කිරීමේදී අවශ්‍ය වන atto di assenso යනු කුමක්ද?

Sandy Amaratunga 22-03-2021

atto di assenso යනු කුඩා දරුවාට හෝ බාලවයස්කාර දරුවාගේ අනෙක් දෙමාපියන්ට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේ අරමුණින් දෙමාපියන් (හෝ භාරකරු) අත්සන් කරන පුද්ගලික ප්‍රකාශයකි.

සුදුසු පෝරමය පිරවීමෙන් හෝ විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත්‍රයේ දී අදාළ පෝරමයට වෙන් වූ ඉඩෙහි අත්සන් කිරීමෙන් atto di assenso අත්සන් කළ හැකිය. atto di assenso වලංගු විමට ඒ සමග සැම විටම ගමන් බලපත්‍රයේ පළමු පිටු පහේ ඡායා පිටපත් අමුණා තිබිය යුතුය.

විවාහ කිහිපයක් කරනකොට ගෙන බිහිවූ දරුවන් සිටින අවස්ථාවක ඒ ඒ අදාල සියලු දෙමාපියන්ගෙන් atto di assenso ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ 

මෙහිදී යුරෝපා සංගමයට අයත් නොවන රටවල පුද්ගලයින් සම්බන්ධ වී ඇති විට ඔවුන්ගේ අත්සන් සත්‍යාපනය කල යුතු වන අතර අයදුම්පත්‍ර බාරදෙනු ලබන්නේ ඉතාලි ආයතනයකට හෝ යුරෝපා සංගමයට අයත් ආයතනයකට නොවන අවස්තාවක අදාළ ලියකියවිල්ල විදේශ අධිකාරීන් විසින් සහතික කල යුතුවේ.

යම් පාර්ශවයක කැමැත්ත අත්සනකින්  ලබාගැනීමට කිසිසේත්ම නොහැකි අවස්ථාවක පමණක්, අදාළ කොන්සුලර් ප්‍රධානියා විසින් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඔහුට හිමි බලතල අනුව අවසරය ලබාදෙනු ඇත. මෙලෙස කොන්සියුලර් ප්‍රධානියාට බාලවයස් කරුවන් වෙනුවෙන් තීන්දුවක්  ලබාදීමට හැකි වන්නේ අදාල දරුවන් තම කොන්සියුලර් බල ප්‍රදේශයේ පදිංචි වී සිටින්නේ නම් පමණි.


Share This News On Social Media

Facebook Comments

Related News