ලංකාවේදී ඔබ ලබාගත් අධ්‍යාපන මට්ටම සහතික කරන Dichiarazione di Valore

ලංකාවේදී ඔබ ලබාගත් අධ්‍යාපන මට්ටම සහතික කරන Dichiarazione di Valore

Priyashan F.do 29-10-2021

Dichiarazione di Valore නොහොත් වටිනාකම් ප්‍රකාශනය යනු ඉතාලියේ අධ්‍යාපන ක්‍රමය හැර වෙනත් අධ්‍යාපන ක්‍රමයක ලබාගත් සුදුසුකම ඉතාලි අධ්‍යාපන ක්‍රමයේ එයට සමාන සුදුසුකමට සහතික කරන ලියවිල්ලකි. එය ඉතාලි භාෂාවෙන් සකස් කර ඇති අතර අදාල අධ්‍යාපන සහතිකය නිකුත් කල අධ්‍යාපන ආයතනයට ආසන්නයේම පිහිටි විදේශයන්හි ඉතාලි රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් (තානාපති කාර්යාල/කොන්සල් කාර්යාල) විසින් නිකුත් කරනු ලැබේ.

විදේශයන්හි ලබාගත් අධ්‍යයන හෝ වෘත්තීය සුදුසුකම් ඉතාලියේ පවතින ක්‍රමයට අනුව හඳුනා නොගනී, එනම් ඒවාට නීතිමය වටිනාකමක් නොමැත. එබැවින්, වටිනාකම් ප්‍රකාශනයේ එකම අරමුණ වන්නේ, උපන් රටෙහි අධ්‍යයන හෝ වෘත්තීය සුදුසුකම් ඉතාලියේදී පිළිගන්නා අයුරෙන් සහතික කිරීමයි. 

මෙවන් සහතිකයක් අවශ්‍ය වන්නේ පහත සදහන් අවස්ථාවන් වලදීයි.

(අ) පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ඉතාලියේදී තව දුරටත් කරගෙන යාමට;

ආ) විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම;

ඇ) පශ්චාත් උපාධි අධ්‍යයන (මාස්ටර්, ආචාර්ය උපාධිය, ආදිය) දිගටම කරගෙන යාම සඳහා විශ්ව විද්‍යාල වලින් අවසර ලබාගැනීමට ;

Dichiarazione di Valore ප්රකාශයේ පහත දත්ත අඩංගු වේ:

- හිමිකරුගේ වාසගම, මුල් නම, උපන් දිනය සහ උපන් ස්ථානය

- හිමිකම නිකුත් කර ඇති ආයතනය

- සහතිකය / සුදුසුකම  නිකුත් කළ දිනය

- ලියාපදිංචි අංකය

- පාඨමාලාවට  සහභාගී වූ අධ්‍යාපන ආයතනය

- ක්ෂේත්‍රය, විශේෂීකරණය

- අධ්‍යයන කාලය

- අවසාන විභාගයේ සාමාර්ථය 

- වත්මන් ශ්රේණිගත කිරීමේ ක්රමය

- අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් පසු සුදුසුකම් ලැබීමේ වෘත්තිය

-1995 ජුලි 24 n.84 දින ඉගැන්වීමේ නීතියට අනුව ජාතික පාසල් පද්ධතිය පිළිබඳ කෙටි විස්තරයක්.

Dichiarazione di Valore සඳහා අයදුම් කරන්නේ කෙසේද?

වටිනාකම් ප්‍රකාශය සෑම විටම ඉහළම අධ්‍යාපනික සුදුසුකම සඳහා දෙනු ලැබේ. උදාහරණයක් ලෙස, ඔබට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සුදුසුකම් තිබේ නම්, ඔබේ AL සඳහා  සෑම විටම Dichiarazione di Valore ලබා දෙනු ඇත.

Dichiarazione di Valore  සදහා අයදුම්ප්‍ කිරීමට ප්‍රථමයෙන් ඔබේ අධ්‍යාපන සහතිකය නීතිගත කළ යුතුය. නීත්‍යානුකූල ලේඛනය ලබා ගත් පසු, අයදුම්කරු හෝ නියෝජිතයෙකු විදේශීය සුදුසුකම් නිකුත් කළ ආයතනය පිහිටා ඇති නගරයට ආසන්නතම කොන්සියුලර් කාර්යාලයට හෝ තානාපති කාර්යාලයට ඉදිරිපත් විය යුතුය.

කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය රාජ්‍ය ආයතන මගින් නිකුත් කරන අධ්‍යාපන සහතික පමණක් පිළිගනු ලබන බව කරුණාවෙන් සලකන්න. Pearson Edexcel, Cambridge වැනි පුද්ගලික ආයතන මගින් නිකුත් කල සහතික  සඳහා Dichiarazione di Valore  ලබා නොදේ.

Share This News On Social Media

Facebook Comments

Related News