සම්මත වූ Flussi 2021 නිතිය ගැන දැනගනිමු - පළමු කොටස

සම්මත වූ Flussi 2021 නිතිය ගැන දැනගනිමු - පළමු කොටස

Priyashan F.do 26-12-2021

Flussi 2021 නිතිය යනු ඉතාලියට පැමිණීමට සිහින මවන ඕනෑම කෙනෙකුට එම සිහිනය සැබෑ කර ගැනීමට හොදම අවස්ථාවක්. ඉතින් දෙසැම්බර් 21 වන දින ඉතාලියේ අගමැති මාරියෝ ද්‍රාගී මහතා විසින් Decreto Flussi 2021 සම්මත කරමින් අත්සන් තබා තිබෙනවා. Decreto Flussi 2021 යනු කුමක්ද? මේ සදහා අයදුම් කල හැක්කේ කාටද? කොන්දේසි මොනොවාද? අදාළ නීතිමය තත්වයන් මොනොවාද යන්න අදාල නීතියේ වගන්තියෙන් වගන්තිය විමසා බලමු. 

පළමු වගන්තිය 

මෙම වගන්තියට අනුව මෙවර Flussi 2021 නීතියෙන් ඉතාලියට ඇතුළුවීමට අවසර ලැබෙන්නේ යුරෝපිය රටක පුරවැසිභාවය නොමැති පුද්ගලයින් 69700කට පමණක් වේ. ඒ පහත කාණ්ඩ වල රැකියා අවස්ථාවන් සදහායි.

  1. අවුරුද්දේ යම් යම් කාල වල පමණක් ඇති වන රැකියා අවස්ථා සදහා (Seasonal Subordinate  Work)
  2. සෘතුවල බලපෑමක් නොමැති රැකියා සදහා (Non Seasonal Subordinate Work)
  3. ස්වයං රැකියා / තමන්ගේම ව්‍යපාර සදහා (Self Employeement)

දෙවන වගන්තිය 

ඉහත කී රැකියා අවස්ථා 69700ක කෝටාවෙන් රැකියා 27700ක් ඉහත 2 සහ 3 වගන්ති වල දැක්වූ  සෘතුවල බලපෑමක් නොමැති රැකියා සදහා සහා ස්වයං රැකියා / තමන්ගේම ව්‍යපාර සදහා හිමි වනු ඇත.

රැකියා අවස්ථා තිබෙන ක්ෂේත්‍රයන්:

  1. බඩු භාණ්ඩ ප්‍රවාහණ ක්ෂේත්‍රය 
  2. ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රය 
  3. සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රය 

තෙවන වගන්තිය 

ඉහත දෙවන වගන්තියේ සදහන් කල රැකියා අවස්ථා 27700න් රැකියා අවස්ථා 20000ක් සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් ඉතාලිය සමග සහයෝගිතා ගිවිසුම් වලට අත්සන් කර ඇති සහ 2022 වර්ෂයේදී අත්සන් කිරීමට නියමිත රටවල පුරවැසියන් අතර පහත ආකාරයට බෙදී යනු ඇත. 

  1. ඉහත කී ලෙස රැකියා 20000 න් රැකියා  17000ක් ඉතාලිය සමග ගිවිසුම් වලට දැනටමත් එලබ ඇති පහත රටවල් වල පුරවැසියන්ට හිමිවේ.
    • ඇල්බේනියාව, ඇල්ජීරියාව, බංග්ලාදේශය, බොස්නියා-හර්සගොවිනා, කොරියාව (කොරියාවේ ජනරජය), අයිවරි කෝස්ට්, ඊජිප්තුව, එල් සැල්වදෝරය, ඉතියෝපියාව, පිලිපීනය, ගැම්බියාව, ඝානාව, ජපානය, ගෝතමාලාව, ඉන්දියාව, කොසෝවෝ, මාලි, මොරොක්කෝව, මොරිෂස්, මෝල්ඩෝවා, මොන්ටිනිග්‍රෝ , නයිජර්, නයිජීරියාව, පකිස්ථානය, උතුරු මැසිඩෝනියා ජනරජය, සෙනගල්, සර්බියාව, ශ්‍රී ලංකාව, සුඩානය, ටියුනීසියාව, යුක්රේනය
  2. ඉතිරි රැකියා 3000 ඉතාලිය සමග 2022 වර්ෂයේදී  ගිවිසුම් වලට අත්සන් කිරීමට නියමිත රටවල පුරවැසියන්ට හිමිවනු ඇත.

සතර වන වගන්තිය 

  1. ඉහත දෙවන වගන්තියේ සදහන් 27700ක රැකියා කෝටාවෙන් ඉහත විස්තර කල රැකියා 20000ට අමතර ඉතිරි රැකියා 7700න්  තවත් රැකියා 100ක ප්‍රමාණයක්  යුරෝපා සංගමයට අයත් නොවන රටවල පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට 1988  ජුලි 25 වන දින සම්මත වූ  286 වන පනතේ 23 වන වගන්තියට යටත්ව අවස්ථාව හිමි වනු ඇත. එකී වගන්තිය පිලිබදව වැඩි විස්තර දැනගැනීමට මෙතැන ක්ලික් කරන්න.
  2. ඉහත දෙවන වගන්තියේ සදහන් 27700ක රැකියා කෝටාවෙන් මෙම ලිපියේ මින් ඉහත කොටසේ  විස්තර කල රැකියා 20100ට අමතර ඉතිරි රැකියා 7600න්  තවත් රැකියා 100ක ප්‍රමාණයක් ඉහත තෙවන වගන්තියේ පළමු කොටසේ සදහන් රටවල එක සාමාජිකයෙක් හෝ මව / පියා වන  ඉතාලියේදී  උපත ලද දරුවන්ට වෙන් කර ඇත. ඒ ඉහත පලමු වගන්තියේ 2 සහ 3 අංක වල සදහන් රැකියා කාණ්ඩ සදහායි.
  3. ඉහත දෙවන වගන්තියේ සදහන් 27700ක රැකියා කෝටාවෙන් මෙම ලිපියේ මින් ඉහත කොටසේ  විස්තර කල රැකියා 20200ට අමතර ඉතිරි රැකියා 7500න්  තවත් රැකියා 6600ක් පහත අනු අංක වල සදහන් විසීමේ පලපත්‍ර හිමි පුද්ගලයින්ට  තම ඉතාලියේ /යුරෝපයේ   විසීමේ පලපත්‍රය ඉහත පළමු වගන්තියේ 2වන අංකයේ විස්තර කර ඇති රැකියාවක් කිරීමට හැකිවන පරිදි හරවා ගැනීමට හැකි වේ .
    1. රැකියා 4400ක් දැනට ඉතාලියේ සිටින ඉහත පළමු වගන්තියේ 1 කොටසේ සදහන් රැකියා සදහා ඉතාලියේ විසීමේ බලපත්‍රය ඇති සාමාජිකයින්ට (වතු විසා හිමි)  (convert  to lavoro subordinato )
    2. රැකියා 6660න්  2000ක කෝටාවක් වෙන් කර ඇත්තේ මේ වන විට අධ්‍යාපන කටයුතු, සීමාවාසික පුහුණුව හෝ වෘත්තීය පුහුණුව යන කාරණා සදහා ඉතාලියේ විසීමේ බලපත්‍රය හිමි පුද්ගලයින් ට
    3. රැකියා 6660න්  200ක කෝටාවක් වෙන් කර ඇත්තේ ඉතාලියේ නොවන වෙනත් යුරෝපා රටක ස්ථීර පදිංචිය හිමි පුද්ගලයින්ට 
  4. ඉහත දෙවන වගන්තියේ සදහන් 27700ක රැකියා කෝටාවෙන් ඉහත විස්තර කල රැකියා 26800ට අමතර ඉතිරි රැකියා 900න්  තවත් රැකියා අවස්ථා 400ක ප්‍රමාණයකට  පහත වස්තර කර ඇති කාණ්ඩ වල ඉතාලියේ / යුරෝපයේ විසීමේ පලපත්‍ර හිමි පුද්ගලයින්ට තම විසීමේ පලපත්‍රය ස්වයං රැකියාවක් තමන්ගේම ව්‍යපාරයක් ආරම්භ කිරීමට හැකි වන පරිදි හරවා ගැනීමට අවස්ථාව හිමිකර දී තිබෙනවා. (conversione in permessi di soggiorno per lavoro autonomo)
    1. අවස්ථා 370ක් දැනට ඉතාලියේ අධ්‍යාපනය ලබන, සිමාවාසික පුහුණුව ලබන හෝ වෘත්තීය පුහුණුව ලබන පුද්ගලයින්ට හිමි වනු ඇත.
    2. අවස්ථා 30ක් ඉතාලියේ නොවන යුරෝපා සංගමයට අයත් වෙනත් රටක ස්ථිර පදිංචිය හිමි  පුද්ගලයින්ට හිමි වනු ඇත.

පස්වන වගන්තිය 

ඉහත දෙවන වගන්තියේ සදහන් 27700ක රැකියා කෝටාවෙන් තවමත් ඉහත  විස්තර නොකෙරුණු ඉතිරි රැකියා 500 යුරෝපයේ නොවන වෙනත් රටවල පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට ඉතාලියේ  ස්වයං රැකියාවක් තමන්ගේම ව්‍යපාරයක් ආරම්භ කිරීම සදහා ඉතාලියට ඇතුළු වීමට අවස්ථාව හිමි වෙනවා. ඒ පහත සදහන් කාණ්ඩ වලට යටත්වයි.

  1. ඉතාලි ආර්ථිකය කෙරෙහි උනන්දුවක් දක්වන අවම වශයෙන් යුරෝ ලක්ෂ 5කට නොඅඩු ආයෝජනයක් කිරීම තුලින් ඉතාලියේ ව්‍යපාරයක් අරභා අවම වශයෙන් රැකියා අවස්ථා 3ක් වත් නිර්මාණය කිරීමට හැකි පුද්ගලයින්ට 
  2. රාජ්‍ය පරිපාලනය විසින් පිළිගත් සංගම් මගින් නියාමනය කරන ලද හෝ අධීක්‍ෂණය කරන ලද වෘත්තීන් හෝ නියාමනය නොකළ නමුත් ජාතික මට්ටමින් නියෝජනය කරන නිදහස් සේවකයින්ට (Freelancers)
  3. 2011 මැයි 11 දින සම්මත කරන ලද 850 වන අන්තර් අමාත්‍ය ආඥා පනත මගින් පැහැදිලිවම විස්තර කරන  ලද ආයතනික පරිපාලනය සහ පාලන තනතුරු දරන්නන්
  4. 2011 මැයි 11 දින සම්මත කරන ලද 850 වන අන්තර් අමාත්‍ය ආඥා පනත මගින්  සපයා ඇති අවශ්‍යතා සපුරාලන , රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන වල සේවය කර ඇති  පැහැදිලි කීර්තියක් හෝ ඉහළ සහ සුප්‍රසිද්ධ වෘත්තීය සුදුසුකම් ඇති කලාකරුවන්ට 
  5. අංක 221 ආඥා පනතට අනුකුලව සියලු සුදුසුකම් සපුරන නිර්මාණශීලි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකියාව ඇති අය හට  (innovative-startup)

සයවන වගන්තිය 

මෙම ලිපියේ ඉහත පළමු වගන්තියේ විස්තර කල රැකියා අවස්ථා 69700න් මෙම ලිපියේ මින් ඉහත විස්තර කල රැකියා අවස්ථා 27700ට අමතරව ඉතිරි රැකියා අවස්ථා 42000 හිමිවන්නේ මෙම ලිපියේ ඉහත පළමු වන වගන්තියේ 1 වන අනු අංකය යටතේ විස්තර කල රැකියා කාණ්ඩ සදහායි. එනම් අවුරුද්දේ යම් යම් කාල වල පමණක් ඇති වන රැකියා අවස්ථා සදහායි  (Seasonal Subordinate  Work). උදාහරණ ලෙස;

  • කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියා සදහා. (වතු විස)
  • සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සදහා.

මේ පිළිබද වැඩිදුර විස්තර (සය වන වගන්තියේ සිට නව වන වගන්තිය දක්වා) තවත් ලිපියකින් නුදුරේදීම බලාපොරොත්තු වන්න 


Share This News On Social Media

Facebook Comments

Related News