ඉතාලි පුරවැසිභාවය හිමි ඔබ දැනගත යුතුම දේවල් - 01 කොටස - රුපියල් 400ක් ගෙවන්න ඕනේ  ETD එක යනු කුමක්ද?

ඉතාලි පුරවැසිභාවය හිමි ඔබ දැනගත යුතුම දේවල් - 01 කොටස - රුපියල් 400ක් ගෙවන්න ඕනේ ETD එක යනු කුමක්ද?

sripathi sooriyakoon 16-02-2021

මෙම ලිපි මාළාවෙන් ඔබට පැහැදිලි කිරීමට අප උත්සහ කරන්නේ ඉතාලි පුරවැසිභාවය ලබාගෙන සිටින ඔබ දැනගත යුතු වැදගත්ම තොරතුරු රැසක්  පිලිබදවයි. ඉතාලි පුරවැසියෙක් ලෙස කටයුතු කිරීමේදී ඔබට  මෙම කරුණු ඉතා වැදගත් වනු ඇත. එබැවින් මෙම ලිපි ඉතාලි පුරවැසිභාවය හිමි ඔබේ මිතුරන් සමගද බෙදා ගැනීමට අමතක කරන්න එපා.
අද අපි මෙම ලිපියෙන් කතා කිරීමට යන්නේ ETD හෙවත් Emergency Travel Document පිලිබදවයි. 

ඉතාලි තානාපති කාර්යාලයෙන් නුකුත් කරන තාවකාලික ගමන් බලපත්‍රය (ETD) ලබා ගත හැක්කේ කාටද කුමණ අවස්ථා වලදීද?

  • ඉතාලි පුරවැසිභාවය හිමි ඔබ A.I.R.E හි ලියාපදිංචි නොවී ලංකාවේ හෝ යුරෝපයේ නොවන වෙනත් රටක මාස 12කට වැඩි කලක් රැදී සිටින අවස්ථාවක ඔබේ ගමන් බලපත්‍රය කල් ඉකුත් වූ විට. (යුරෝපා රටක වුවත් මාස 12කට වැඩි කාලයක් රැදී සිටින්නේ නම් A.I.R.E හි ලියාපදිංචි වීම අනිවාර්ය වේ. මේ සදහා වැඩි විස්තර දැන ගැනීමට, මෙම ලිපියේ අවසාන කොටසේ දක්වා ඇති  link එකෙන් A.I.R.E  සම්බන්ධ ලිපිය කියවන්න )
  • ඉතාලි ගමන් බලපත්‍රය ලංකාවේ හෝ වෙනත් රටක සංචාරය කරමින් සිටියදී  කල් ඉකුත් වී නව ගුවන් බලපත්‍රයක් ලබා ගන්නා තුරු රැදී නොසිට නැවතත් ඉතාලිය බලා කඩිනමින් යා යුතු අවස්ථාවක.
  • ඉතාලි පුරවැසිභාවය හිමි ඔබ, ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයෙන් කුමන හෝ රටකට ගමන් කරමින් සිටියදී තම ඉතාලි ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගත වූ අවස්ථාවක.

ස.යු. මේ ආකාරයෙන් වෙනත් රටවල පුරවැසිභාවය හිමි පුද්ගලයින්ටද තමන් පුරවැසිභාවය හිමි රටට අදාළ හදිසි  ගුවන් ගමන්  බලපත්‍ර ඒ ඒ රටවලට අදාළ තානාපති කාර්යාල වලින් ලබා ගත හැක. ඒ ඒ රටවල් සදහා වෙනම නීති රෙගුලාසී සහ කොන්දේසි පවතී.

ස.යු. ඔබ ඉතාලි පුරවැසිභාවය ලබාගෙන සිටින විට ඉතාලියෙන් පිට වෙනත් රටක මාස 12කට වැඩි කාලයක් රැදී සිටිනම් A.I.R.E  හි ලියාපදිංචි වීම මගින් ඒ බව ඉතාලියට දන්වා සිටිය යුතුයි. මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අපගේ  " බලා බ්ල ලා " ලිපිය කියවන්න.

මෙම ETD - Emergency Travel Document එක සාදා ගන්නේ කොහොමද?

ඔබගේ ඉතාලි ගමන් බලපත්‍රය කල් ඉකුත් වූ අවස්ථාවක නම්, ඔබ  ජීවත්ව සිටින රටේ ඉතාලි තානාපති කාර්යාලයේ කවුන්ටර විවෘත කර ඇති ඕනෑම අවස්ථාවක ඔබගේ කල් ඉකුත්වූ ගමන් බලපත්‍රය සහ ඔබ ඉතාලියට යාම සදහා මිලදීගත් ගුවන් ටිකට් පත ඉදිරිපත් කොට මෙම ETD එක ඔබට ඒ අවස්ථාවේම ලබාගත හැකියි.

සැ.යු. ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ මෙකි කවුන්ටර සදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින වල උදැසන 10 සිට දහවල් 12 දක්වා විවෘතව පවතී. ඔබ A.I.R.E හි ලියාපදිංචි නොවී මාස 6කට වැඩි කාලයක් ලංකාවේ රැදී සිටියා නම් සහ ඔබගේ ඉතාලි ගමන් බලපත්‍රය කල් ඉකුත් වී ඇත්නම් අනිවාර්යයෙන්ම ඉතාලියට නැවත යාමට පෙර අනිවාර්යයෙන්ම මෙම ETD එක ලබාගන්න.

ඔබගේ ගමන් බලපත්‍රය ලංකාවේදී නැතිවූ අවස්ථාවක නම්, මෙම ක්‍රමවේදය තරමක් සංකීර්ණ වේ. මේ පිළිබද විස්තර ඔබට තවත් ලිපියකින් ගෙන ඒමට අදහස් කරමු.

මෙම ETD එක ලබාගැනීමට කෙතරම් මුදලක් වැය වේද?

මේ සදහා ඔබ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයට ගෙවිය යුතු වන්නේ රුපියල් 400ක මුදලක් පමණයි.

Emergency Travel Document එක ලබා ගැනීමේදී පනවා ඇති කොන්දේසි සහ සිමාවන් මොනවද?

ETD එකෙන් ඔබට ගමන් කල හැක්කේ එට්ඩ් එක නිකුත් කල රටේ සිට ඉතාලියට පමණකි.  මෙම ETD එකේ වලංගු කාලය නිකුත් කල මොහොතේ සිට පැය  72ක් පමණයි. එනම් ඔබ මෙම Emergency Travel Document එක අතැතිව ගමන් ගන්නේ නම් අනිවාර්යයෙන්ම එය කල් ඉකුත් වීමට පෙර ඉතාලියට ඇතුල්වීම සිදුවිය යුතුය. මෙවන් අවස්ථාවක  ගුවන් ගමන් ප්‍රමාද වීම් හෝ අනෙකුත් කිසිම හේතුවක් නිදහසට කරුණු ලෙස පිළිනොගන්නා බැවින් පැය  72ක කාලය ඉකුත් වීමට පෙර ඉතාලියට ඇතුළු වීමට අනිවාර්යයෙන්ම කල්පනාකාරී වන්න. 



Share This News On Social Media

Facebook Comments

Related News